Everest (2015) Moive
මගේ පළමු පොස්ට් එක වශයෙන් සැප්තැම්බර් මස නිකුත් වූ EVEREST බයිස්කෝප් එක පිලිබදව කෙටි සටහනක් ගෙනඒමට බලාපොරොත්තු වෙමි. 1996 සිදුවූ සත්‍ය සිදුවීමක් අනුසාරයෙන් ගොඩනගා ඇති අතර එය එය Baltasar Kormákur නම් අධ්‍යක්ෂක වරයාගේ වැඩකි.
මෙහි කතා තේමාව වන්නේ EVEREST කන්ද නැගීමට යන ගවේෂක කණ්ඩායමක් මුහුණ දෙන භයානක හිම කුණාටුවක පිළිබදවය.
1996 මැයි 10 වෙනිදා උදැසන ගවේෂණ කණ්ඩායම් දෙකක නායක වරුන් පෘතුවියේ ඉහලම ස්ථානය වන එවෙරෙස්ට් කදු මුදුන තරණය කිරීම සදහා කදු නගින්නන් වන Jason Clarke, Josh Brolin ඔවුන්ගේ ගමන් ආරම්භ කෙරේ. නමුත් ඉතා කෙටි අනතුරු ඇගවීමක් සහිතව කදුකරයට කඩා වදින මිනිසා විසින් මෙතෙක් මුහුණ දුන් දරුණුතම කුණාටුවක් වෙයි. මිනිසාට අභියෝග කරමින් සිතිය හැකි කටුකතම තත්වයන් ඇතිකරමින් ඇති වන මෙම තත්වය නිසා කණ්ඩායම් දෙකට වේගවත් සුළඟට හා අධික ශීතලට මුහුණ දීමට සිදුවන්නේ තමගේ ජීවිතය රැකගැනීමට දිනිය නොහැකි අරගලයකට මුහුණ පාමිනි.
මෙම අත්දැකීම ඉතාම තාත්වික ලෙස කැමරා කාචයට නැගීමට මෙම අධ්‍යක්ෂක වරයා සමත්ව ඇති අතර මෙය imdb දර්ශකය හි ඉහල 7.3 අගයක් ලබා ගැනීමට සමත්ව ඇත.
මෙහි සමහර දර්ශන ඉතාමත් සංවේදී වන බැවින් ඔබ ඉතා සංවේදී ගීක් කෙනෙකු නම් සමහර විටෙක ඔබේ දැසට කදුලක් එනු ඇත.
මෙහි trailer එක මෙහි අමුණා ඇත.


No comments:
Post a Comment